2025 ජනවාරි 27, ප.ව. 7:47
ඇමරිකාවේදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කෙරෙන අනවසර සංක්‍රමණිකයන් රැගෙන එන ගුවන් යානාවලට ගොඩබැසීමට අවසරය ලබාදීමට කොළොම්බියාව එකඟ වූ බව ධවල මන්දිර ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් සඳහන් කළා.
මේ සමගම ඇමරිකානු මිලිටරි ගුවන් යානාවලින් සංක්‍රමණිකයන් ගෙන ඒම පිළිබඳව කොළොම්බියාව මින් පෙර දක්වා තිබූ විරෝධය අවසාන වනවා.
කොළොම්බියානු සංක්‍රමණිකයන් 160 දෙනකු රැගත් ගුවන් යානා දෙකකට ගොඩබැසීමට අවසර නොදීමට එරට තීරණය කර තිබුණ අතර ට්‍රම්ප් ඊට ප්‍රතිචාර දැක්වූයේ කොළොම්බියානු භාණ්ඩවලට එරෙහිව සියයට 25 ක තීරුබදු පැනවීමෙන්. එමෙන්ම එම බද්ද ඉදිරි සතියේදී සියයට 50 දක්වා ඉහළ නංවන බවට ඔහු අනතුරු ඇඟවූවා. තවද කොළොම්බියානු රාජ්‍ය නිලධාරීන්ට සහ එරට පාලක පක්ෂ සාමාජිකයන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වීසා තහනමක් ද ඇමරිකාව විසින් පනවනු ලැබුණා.
කොළොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ ඇමරිකානු භාණ්ඩ සඳහා තීරුබදු පනවන බවට නිවේදනය කළා.
කෙසේ වෙතත් පසුව කොළොම්බියානු විදේශ ඇමතිවරයා නිවේදනය කළේ ඇමරිකානු ගුවන් යානාවලට ගොඩබෑමට අවසර ලබාදෙන බවයි. මිලිටරි ගුවන් යානාවලට ද ඒ අනුව ගොඩබැසීමට අවසර ලැබෙන බව ධවල මන් දිර ප්‍රකාශිකාව අවධාරණය කළා.
මෙය ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලැබුණ දේශපාලනික ජයග්‍රහණයක් බව ඇතැම් විචාරකයන් පෙන්වා දෙනවා. ධවල මන්දිර ප්‍රකාශිකාව සඳහන් කරන්නේ ඇමරිකාවට ලෝකයේ රටවල් ගෞරව කරන කාලය යළි එළඹ ඇති බවයි.
2025 පෙබරවාරි 12, පෙ.ව. 9:48
2025 පෙබරවාරි 11, ප.ව. 11:32
2025 පෙබරවාරි 09, ප.ව. 11:21
2025 පෙබරවාරි 09, ප.ව. 11:06
2025 පෙබරවාරි 08, ප.ව. 1:22