hit counter

2026 ජනවාරි මස 30 වන සිකුරාදා

2025 පෙබරවාරි 06, පෙ.ව. 12:07



මේ වසරේ ජනවාරි මාසය අවසන් වීමට පෙර මෙරටින් ඩෙංගු රෝගීන් 5000කට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරය පවසයි.

එම මාසය තුළ ඩෙංගු මරණ දෙකක්ද වාර්තා වූ බව එම ඒකකය සඳහන් කළේය. ජනවාරි මාසය අවසන් වීමට පෙර ඩෙංගු අධි අවදානම් කලාප 16ක් ද හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරය පැවසීය.

ඒ අනුව ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 4,943කු වාර්තා වී ඇති අතර ඉන් වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 764කි.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 674ක් සහ කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් රෝගීන් 608 දෙනෙකුද වාර්තා වී තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන්ද 315ක්ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 303ක් ද, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 278ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 201 දෙනෙකුද වාර්තා වී තිබේ.   





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: