2026 ජූලි 03, පෙ.ව. 12:15
දැනට දැඩි කතාබහකට ලක්ව ඇති මෙරට ප්‍රමුඛ පෙළේ ආහාර සැපයුම් ආයතනයක් වන මිස්ටර් කොත්තු සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා, ඒ පිළිබඳ කඩිනම් වාර්තාවක් තමන් වෙත ඉදිරිපත් කරන ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා කම්කරු දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
අදාළ වෙළඳ ජාලයේ අයිතිකරු විසින් එහි සේවක මණ්ඩලය වෙත සිදුකළ බව කියන ශාරීරික හා වාචික වධහිංසා පැමිණවීම් පිළිබඳව මෙන්ම, මෙරට කම්කරු නීතියට අනුව සේවකයන් වෙනුවෙන් හිමිවිය යුතු සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) නිසි පරිදි බැර කර තිබේද යන්න සොයා බැලීම මෙම විමර්ශනයේ ප්‍රධාන අරමුණක් වේ.
දිවයින පුරා විහිදී පවතින මෙම ආහාර සැපයුම් ජාලයට අයත් ශාඛා 12ම කම්කරු නිලධාරීන් කණ්ඩායම් විසින් එකවර සමූහ පරීක්ෂාවකට ලක් කිරීමට සැලසුම් කර ඇත.
මීට අමතරව, මෑතකදී වසා දමන ලදැයි කියන ඇතැම් ශාඛාවල සේවය කළ සේවකයන්ට නීත්‍යානුකූලව හිමිවිය යුතු වන්දි මුදල් හෝ දීමනා නිසි පරිදි ගෙවා තිබේද යන්න පිළිබඳව ද වෙන වෙනම සොයා බලන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:52
2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:49
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:18
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26