hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2025 පෙබරවාරි 09, පෙ.ව. 12:21



මේ මාසයේ අවසානයට පෙර ජල ගාස්තු අඩු කරන බව, නාගරික සංවර්ධන හා ඉදිකිරීම් අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, අඩුවෙන් ජලය පරිභෝජනය කරන පුද්ගලයින්ට වැඩියෙන් වාසි සැලසෙන ලෙසට, ජල ගාස්තු අඩුකරන ලෙස උපදෙස් දී ඇති බවයි.

විදුලි බිල 20% කින් අඩු කිරීමත් සමඟ ජල ගාස්තු අඩු කිරීම පිළිබඳ යෝජනා කිහිපයක් ඉදිරිපත්ව ඇති බව, අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ ඒ අනුව ජල සම්පාදන මණ්ඩලයේ කමිටුවක් හරහා එම සියලු යෝජනා සමාලෝචනය කර වාර්තාවක් ලබාදෙන ලෙසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, ජල ගාස්තු තීරණය කිරීමේදී විදුලි බිල දායක වන්නේ, 40% කින් පමණක් බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: