2025 පෙබරවාරි 09, ප.ව. 11:06
යුක්‍රේන යුද්ධය අවසානයක් කරා ගෙන ඒම පිළිබඳ රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් සමග තමා සාකච්ඡා කළේ යයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
නිව් යෝර්ක් පෝස්ට් පුවත්පත සමග කළ සාකච්ඡාවකදී ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත් තමන් පුටින් සමග කොපමණ වරක් මේ පිළිබඳ සාකච්ඡා කළේදැයි ඔහු සඳහන් කරන්නේ නැහැ.
ට්‍රම්ප් කියා සිටියේ ජීවිත විනාශ වීම නැවැත්වීමට පුටින්ට ද අවශ්‍ය යයි තමා සිතන බවයි.
මේ අතර ට්‍රම්ප් එළඹෙන සතිය තුළ යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිව ද හමුවීමට ඉඩ තිබෙනවා. ඒ බව ද ට්‍රම්ප් විසින් පසුගිය දා මාධ්‍ය හමුවේ ප්‍රකාශයට පත්කළා.
යුක්‍රේනය පිළිබඳ ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත කීත් කෙලොග් පෙබරවාරි මාසය ඇතුලත යුක්‍රේනයේ සංචාරය කිරීමට ද නියමිතව තිබෙනවා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24