2025 පෙබරවාරි 13, පෙ.ව. 7:57
රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් සහ තමන් අතර හමුවක් සවුදි අරාබියේදී සිදුවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
මෙය ට්‍රම්ප් නැවත ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව දෙදෙනා හමුවන පළමු අවස්ථාව වනු ඇති.
ට්‍රම්ප් සහ පුටින් අතර පැය එකහමාරක දුරකථන සංවාදයකට පසු ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කළා.
එම සංවාදයේදී ඔවුන් යුක්‍රේනය, මැදපෙරදිග ආදී මාතෘකා ගණනාවක් ගැන සාකච්ඡා කළ බවත් යුක්‍රේන යුද්ධය නැවැත්වීම පිළිබඳ සාකච්ඡා ඇරඹීමට තීරණය කළ බවත් ට්‍රම්ප් පැවසුවා.
මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේ තමන් එම සාකච්ඡාව පිළිබඳ යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිට ද දැනුම් දුන් බවයි. සෙලෙන්ස්කි ද සාම වැඩපිළිවෙලක අවශ්‍යතාව පෙන්නුම් කළ බව ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියා.
යුක්‍රේනය නේටෝවට බඳවාගැනීම ප්‍රායෝගික යැයි තමන් නොසිතන බව ද ට්‍රම්ප් මෙහිදී අවධාරණය කළා.
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24