2025 පෙබරවාරි 16, ප.ව. 1:10
 
            
යුක්‍රේනයේ ආරක්ෂාව පිළිබඳ ස්ථිරසාර සහතිකය වන්නේ එය නේටෝ සංවිධානයට ඇතුල් වීම බවත්, ඊට අවකාශය නොදෙන්නේ නම් යුක්‍රේනයේදී අලුත් නේටෝවක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සාධක ලබාදිය යුතු බවත් ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා.
මියුනික් ආරක් ෂක සමුළුව අමතමින් ඔහු කියා සිටියේ යුරෝපය තමන්ගේම හමුදාවක් සහ පොදු විදේශ ප්‍රතිපත්තියක් පිළිබඳව සිතාබැලිය යුතු බවයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට යුරෝපය එතරම් වැදගත් නොවන බව පෙනෙන බවත් ඊට එක් හේතුවක් වන්නේ යුරෝපයේ දුර්වලත්වය බවත් සෙලෙන්ස්කි පවසනවා. යුරෝපය සිය යුධ ශක්තිය වර්ධනය කරගනිමින් එක්සත් විදේශ ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන්නේ නම් ට්‍රම්ප් ද යුරෝපය පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වනු ඇතැයි ඔහු කියා සිටිනවා.
ජනාධිපති සෙලෙන්ස්කි තවදුරටත් ප්‍රකාශ කළේ යුක්‍රේනය යුරෝපයේ ආරක්ෂාවට ඉතා වැදගත් බවයි. රුසියාව කෙරෙහි උපරිම පීඩනය යෙදවිය යුතු බව ද ඔහු අවධාරණය කරනවා. එමෙන්ම රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් දුර්වල බවත්, ඔහුගේ ක්‍රියාකලාපයන් පුරෝකථනය කළ හැකි බවත් එහෙයින් උපරිම පීඩනය යෙදවීමෙන් රුසියාව පරාජය කළ හැකි බවත් සෙලෙන්ස්කි පවසා සිටිනවා.
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 8:02
 
                                                        2025 ඔක්තෝබර් 30, පෙ.ව. 10:16
 
                                                        2025 ඔක්තෝබර් 30, පෙ.ව. 9:31
 
                                                        2025 ඔක්තෝබර් 29, ප.ව. 8:43
 
                                                        2025 ඔක්තෝබර් 29, ප.ව. 7:19