2025 පෙබරවාරි 23, ප.ව. 1:59
යුක්‍රේනය සහ රුසියාව අතර පවතින යුද්ධය නැවැත්වීමට සටන් විරාමයක් ළඟදීම ක්‍රියාත්මක කළ හැකි බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශ්වාස කරන බව ධවල මන් දිර ප්‍රකාශිකා කැතරින් ලෙවිට් පවසනවා.
ඇය සඳහන් කළේ ඉදිරි සතිය තුළදී වුවද එවන් එකඟතාවයක් කරා එළඹීමේ ඉඩක් ඇති බවයි.
මේ පිළිබඳව යුක්‍රේනය සහ රුසියාව යන දෙපාර්ශවයම සමග සාකච්ඡා කරන බව ඇය කියා සිටියා.
මේ අතර ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක මයික් වොල්ට්ස් ප්‍රකාශ කළේ සති අන්තය මුළුල්ලේ ද එම සාකච්ඡා සිදුවන බවයි.
රුසියානු සහ ඇමරිකානු නියෝජිතයන් නැවතත් පෙබරවාරි 25 වනදා සෞදි අරාබියේ රියාද් නගරයේදී මුණගැසීමට නියමිතයි.
මේ අතර යුක්‍රේනයේ ඛනිජ සම්පත් ගනුදෙනුව පිළිබඳ ඇමරිකානු සහ යුක්‍රේන නියෝජිතයන් අතර සාකච්ඡා දිගටම සිදුවනවා.
ට්‍රම්ප් ඊයේ කියා සිටියේ එම එකඟතාවයට එළඹීම ද නුදුරේදීම සිදුවනු ඇති බවයි.
මෙම එකඟතාවය තුළ ඒකාබද්ධ ආයෝජන අරමුදලක් ස්ථාපිත වනු ඇති බවත් එය ඇමරිකානු පාලනය යටතේ වනු ඇති බවත් අබ්‍යන්තර ආරංචිමාර්ග උපුටා දක්වන නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත පවසනවා. එහි වටිනාකම ඩොලර් බිලියන 500 වනතෙක් යුක්‍රේනය එයට දායක වනු ඇති. තවද මෙම එකඟතාවයෙහි යුක්‍රේනයට ආර්ථික සහයෝගය ලබාදීම පිළිබඳ කරුණු තිබුණ ද ආරක්ෂාව පිළිබඳ සහතිකයක් නොමැත්තේ යැයි ද නිව් යෝර්ක් ටයිම්ස් වාර්තාවෙන් කියැවුණා.
2025 පෙබරවාරි 24, පෙ.ව. 10:25
2025 පෙබරවාරි 24, පෙ.ව. 9:50
2025 පෙබරවාරි 20, ප.ව. 9:41
2025 පෙබරවාරි 20, ප.ව. 9:30
2025 පෙබරවාරි 20, ප.ව. 9:22