hit counter

2026 ජූනි මස 25 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 01, පෙ.ව. 3:46



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණගැසීමට ධවල මන්දිරය වෙත පැමිණි යුක්‍රේන ජනාධිපතිවරයාට තම කටයුතු අවසන් නොකරම ඉන් පිටව යන ලෙස නියම කරනු ලැබුණා.

මීට හේතු වූයේ ධවල මන්දිරයේ ඕවල් කාර් යාලයේදී මාධ්‍ය හමුවේ කළ සාකච්ඡාවකදී සෙලෙන්ස්කි සමග ට්‍රම්ප් හා උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් බහින්බස් වීමයි.

යුක්‍රේන – රුසියා යුද්ධයට විසඳුමක් ළඟාකර ගැනීම පිළිබඳ වූ කතාබහ අතරතුර දී මෙම බහින්බස් වීම සිදුවුණා.

ජේ.ඩී. වෑන්ස් චෝදනා කර සිටියේ සෙලෙන්ස්කි යුක්‍රේනයට සහය දීම පිළිබඳව ඇමරිකාවට ස්තූතිවන්ත වී නොමැති බවයි. එමෙන්ම ඇමරිකාවට ඔහු අගෞරව කළේ යැයි ද එහිදී චෝදනා කෙරුණා.

ට්‍රම්ප් කියා සිටියේ ඔහුට අවශ්‍ය සාමය ස්ථාපිත කිරීම බවයි. තමන්ට පුටින් හෝ සෙලෙන්ස්කි හෝ වෙත විශේෂ පක්ෂපාතීත්වයක් දැක්විය නොහැකි යැයි ද ඔහු කියා සිටියා. එවිට සාමය ස්ථාපිත කිරීම කළ නොහැකි බව ඔහු අවධාරණය කළා.