2025 මාර්තු 05, පෙ.ව. 12:26
 
            
බුද්ධි අංශ යනු රටක ඇස් සහ කන් බවත් ඒවා තලා පෙළා දැමීම අඩපණ කිරීම යනු ජාතියක් එකවර අන්ධභාවයටත් බිහිරිභාවයටත් පත්කිරීම බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.
යුද්ධය අවසන් වීමත් සමග යහපාලන ආණ්ඩුව බුද්ධි අංශ දුර්වල කිරීම ලොව ප්‍රබලතම බුද්ධි අංශයක් වූ ශ්‍රී ලංකා බුද්ධි අංශය දුර්වල වූ බව ද හෙතෙම සඳහන් කරයි. ඉන්දියාව දැනුම් දෙන තුරුත් පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන ගැනීමට මෙරට බුද්ධි අංශ අසමත් වූයේ ඒ නිසා බව ද ගම්මන්පිල ප්‍රකාශ කරයි.
මේ වන විට බුද්ධි අංශ තලාපෙළා දමන අතර එය මාලිමාකරණයට ලක්කරමින් ඇතැයි ද මාලිමා ගුරු වෘත්තීය සමිතියේ ප්‍රබල ක්‍රියාකාරිනියක වන උපේක්ෂා රණසිංහගේ සැමියා වන කර්නල් නෙවිල් අත්තනායක හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ කිරීම සඳහා ජ්‍යේෂ්ඨ නිලධාරීන් 13 දෙනෙකු මාරකර යවා ඇතැයි ද ඔහු අනාවරණය කරයි. කර්නල් නෙවිල් රත්නායක සමාජ මාධ්‍යවල මාලිමාව වෙනුවෙන් පෙනී සිටීම නිසා හමුදා විනය කඩකළ බවට චෝදනා ලැබූ කනිෂ්ට නිලධාරියෙකු බව ද ගම්මන්පිල පෙන්වා දෙයි.
හමුදා බුද්ධි අංශ ප්‍රධානි චන්දික මහතන්තිල ඉන් ඉවත් කර රාජකාරියක් නොපවරා තබා ඇතැයි ද බුද්ධි අංශ පිළිබඳ ඉහළම සුදුසුකම් ලැබූ බ්‍රිගේඩියර් ප්‍රබෝධ සිරිවර්ධන බුද්ධි අංශයෙන් ඉවත් කර තූර්යවාදක අධ්‍යක්ෂ කර ඇතැයි ද ඔහු චෝදනා කරයි. එසේ ම සෙසු ජ්‍යේෂ්ඨ බුද්ධි නිලධාරීන් පුනරුත්ථාපන, ආපදා කළමනාකරණය සහ ව්‍යාපෘති නිලධාරී ලෙස මාරුකර යවා ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.
එලෙස නිලධාරීන් 13 දෙනෙකු ඉවත් කළ ද කනිෂ්ට නිලධාරියකු වන නෙවිල් අත්තනායකට බුද්ධි අංශ ප්‍රධානි ධුරය ලබා දිය නොහැකි නිසා කිසිදු සුදුසුකමක් නොමැති යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මේජර් ජනරාල් දීප්ත ආරියසේන බුද්ධි අංශ අධ්‍යක්ෂ කර ඇතැයි ද සඳහන් කළ ගම්මන්පිල, ඔහු ද මාලිමාව වෙනුවෙන් සමාජ මාධ්‍යවල පෙනී සිට විනය කඩ කළ නිලධාරියෙකු බව ගම්මන්පිල සඳහන් කළේය.
ඉතිහාසයේ කිසිදු අවස්ථාවක බුද්ධි අංශ මෙවැනි සෝදාපාළුවකට ලක්ව නොමැති බවද උදය ගම්මන්පිල සඳහන් කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 2:13
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:07
09-10-25
 
                                            09-10-25
17-09-25
 
                                            17-09-25
20-08-25
 
                                            20-08-25
30-07-25
 
                                            30-07-25
16-07-25
 
                                            16-07-25
09-05-25
 
                                            09-05-25
25-02-25
 
                                            25-02-25
17-01-25
 
                                            17-01-25
10-01-25
 
                                            10-01-25
30-10-24
 
                                            30-10-24
23-10-24
 
                                            23-10-24
21-10-24
 
                                            21-10-24