2025 මාර්තු 06, පෙ.ව. 11:42
මාළු මිරිස්, අමු මිරිස්, බෝංචි සහ තක්කාලි මිල පහළ ගොස් ඇති අතර සෙසු එළවළු ගණනාවකද තොග මිල ගණන් පහළ ගිය බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ තොග වෙළෙන්දෝ පැවැසූහ.
කෙසේ වෙතත් තොග මිලට සාපේක්ෂව සිල්ලර වෙළෙඳපොළේ මිල ගණන් සියයට 30කින් පමණ ඉහළ ගොස් තිබේ. පසුගිය සතියේදී රුපියල් 900/= ට අලෙවි වූ මාළු මිරිස් කිලෝවක තොග මිල ඊයේ රුපියල් 450ක් දක්වා පහළ ගොස් තිබිණි.
රුපියල් 1100/= පසුගිය සතියේදී අලෙවි වූ අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 700ක් දක්වා පහළ ගිය අතර බෝංචි කිලෝවක් රුපියල් 300ක් තක්කාලි 180ක් දක්වා පහළ ගොස් තිබිණි.
නුවරඑළිය, කැප්පෙටිපොළ සහ යාපනය අර්තාපල් සහ යාපනය කැරට් සහ මුරුංගා තොග දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයට නොලැබුණ බව තොග වෙළෙන්දෝ පැවැසූහ.
2026 මැයි 27, පෙ.ව. 11:42
2026 මැයි 26, ප.ව. 3:43
2026 මැයි 26, ප.ව. 3:14
2026 මැයි 25, ප.ව. 4:43
2026 මැයි 22, ප.ව. 12:44
29-05-26
29-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26