hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2025 මාර්තු 12, පෙ.ව. 12:21



උණුසුම් කාලගුණ තත්ත්ව මගහැර පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල පැවැත්වීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අවශ්‍ය සහයෝගය ලබා දීමට සූදානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පුවත්පතකට පැවසීය.

අධ්‍යාපන දෙපාර්තමේන්තුව සංවිධාන වන්නේ නම් ක්‍රීඩා උළෙල පැවැත්වීමේදී කාලගුණ තත්ත්ව පිළිබඳ අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීමට සූදානම් බව ඔහු පැවසීය.

උණුසුම් කාලගුණ තත්ත්වයකදී එළිමහනේ වැඩ කිරීමේදී අදාළ ආයතන මාර්ගෝපදේශ සැපයීමේ කාර්යයට තම දෙපාර්තමේන්තුවට සහාය දැක්විය හැකි බව ඔහු අවධාරණය කළේය.

තාක්ෂණික ආයතනයක් ලෙස පවතින කාලගුණ තත්ත්වය සහ පුරෝකතන ඉදිරිපත් කරන බවත් එම ආයතන මාර්ගෝපදේශ සාදන්නේ නම් ඊට සහයෝගය ලබා දීමට සූදානම් බව මෙන්ඩිස් මහතා කීවේය.

උණුසුම් කාලගුණය ළමයින්ට පමණක් නොව එළිමහනේ වැඩ කරන කම්කරුවන්ට ද සෞඛ්‍යමය බලපෑමක් සිදුවන බවත් එම නිසා එවැනි තත්ත්වයන්වලදී වැඩ කරන්නේ කෙසේදැයි මාර්ගෝපදේශ සැකසීමට සියලු ආයතන එකතු විය යුතු බව හෙතෙම ප්‍රකාශ කළේය.

සාමාන්‍ය පෙළ විභාගයේ කාලගුණ තත්ත්වය පිළිබඳව පෙරේදා (10) විශේෂ සාකච්ඡාවක් සිදුකළ බව මෙන්ඩිස් මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: