2025 මාර්තු 12, පෙ.ව. 11:18
යුක්‍රේනය සහ ඇමරිකාව අතර ඊයේ සෞදි අරාබියේ පැවති සාකච්ඡාවලදී දින තිහක සටන් විරාමයකට යුක්‍රේනය එකඟ වුණා. මේ අනුව නවතා දමා තිබූ යුධ ආධාර සහ බුද්ධි තොරතුරු ලබාදීම යළි ඇරඹූ බව ඇමරිකාව නිවේදනය කළා.
යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි කියා සිටියේ දැන් තීරණය ඇත්තේ රුසියාව අතේ බවයි.
මේ අතර තමන් රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් සමග මේ පිළිබඳ කඩිනමින් සාකච්ඡා කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියා.
සටන් විරාමයට අමතරව ඇමරිකාව සමග වන ඛනිජ සම්පත් ගිවිසුමට ද නුදුරේදීම එළඹීමට බලාපොරොත්තු වන්නේ යැයි යුක්‍රේනය සඳහන් කරනවා.
2025 මාර්තු 12, ප.ව. 11:08
2025 මාර්තු 11, ප.ව. 10:04
2025 මාර්තු 09, ප.ව. 11:58
2025 මාර්තු 09, ප.ව. 11:52
2025 මාර්තු 05, ප.ව. 8:05