hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2025 මාර්තු 12, ප.ව. 11:08



ඊයේ දහවල් පාකිස්ථානයේ ක්වෙටා සිට පෙශාවර් දක්වා ගමන් කරමින් තිබූ ජෆාර් සීඝ්‍රගාමී දුම්රියට එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව පැහැරගත් ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව දෙසියයක් පමණ වේ යැයි සඳහන් වනවා.

මෙයින් වැඩි දෙනෙක් පාකිස්ථාන හමුදා සාමාජිකයන් බවයි වාර්තා වන්නේ.

මගීන් 450 ක් පමණ රැගත් මෙම දුම්රියට එරට වෙලාවෙන් දහවල් 1 ට පමණ කඳුකර ස්ථානයකදී ප්‍රහාරයක් එල්ල වුණා. එම අවස්ථාවේ දුම්රිය නතර වූ අතර ප්‍රහාරකයන් ඒ වෙත පැමිණ එහි පුද්ගලයන් අතුරින් හමුදා සාමාජිකයන් ඇතුළු පිරිසක් තෝරාගෙන ප්‍රාණ ඇපකරුවන් ලෙස ගෙන ගොස් තිබෙනවා.

මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ බලොචිස්ථාන විමුක්ති හමුදාව විසින්. ඔවුන් පවසන්නේ පාකිස්ථාන හමුදා භාරයේ සිටින බලෝචි රැඳවියන් නිදහස් කිරීම අරඹන්නේ නැතිනම් ප්‍රාණ ඇපකරුවන් ඝාතනය අරඹන බවයි.

මේ අතර ප්‍රාණ ඇපකරුවන් සොයා හමුදා මෙහෙයුම් අරඹා තිබෙනවා. දුම්රියෙහි ගමන් ගත් 190 ක් පමණ මේ වනවිට නිරුපද්‍රිතව සොයාගෙන තිබෙනවා. එයින් 37 දෙනකු තුවාල ලබා සිටි බවයි සඳහන් වන්නේ.