hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 13, ප.ව. 8:34



පසුගිය දිනයට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (12) සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

ඒ අනුව රන් අවුන්සයක මිල අද රුපියල් 863,81ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එය ඊයේ (11) සටහන් වුණේ රුපියල් 857,968ක් ලෙසයි.

එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 223,450ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 27,940ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කැරට් 21 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 26,670ක් ලෙස සටහන් වුණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: