hit counter

2025 මාර්තු මස 15 වන සෙනසුරාදා

2025 මාර්තු 15, පෙ.ව. 12:09



රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අල්ජසීරා නාලිකාව පැවති සාකච්ඡාව සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත් වීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අදහස් පළකරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දැනුම සහ ඉදිරිපත් වීම පිළිබඳ තමා සැමවිටම ගරු කරන බවය.

ශ්‍රී ලංකාව තුළ දැනට එවැනි අභියෝගාත්මක සාකච්ඡාවකට සහභාගි විය හැකි නායකයින් නොමැති බවත් සඳහා මුහුණ දිය හැකි ප්‍රධානතම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් පවසා ඇති ජයසේකර මහතා වික්‍රමසිංහ මහතා තුළ පවතින උද්ධච්ච ස්වභාවය සහ ඔටිසම් ලක්ෂණ ප්‍රදර්ශනය කිරීම හේතුවෙන් ඔහු මෙන්ම ඔහු වටා සිටින සියලු පිරිස් අපහසුතාවයට ලක්ව ඇති බවද පවසා තිබේ.

එමෙන්ම බටලන්ද කොමිසම් වාර්තාවමේ දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවීම පිටුපස පවතින්නේද ඩීල් දේශපාලනය බවට හැඟවෙන ප්‍රකාශයක්ද දයාසිරි ජයසේකර මහතා විසින් මෙම සාකච්ඡාවේදී සිදුකර ඇත.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා මේ වන විට සැගවී ඇතැයි සැක සහිත ස්ථානයක් ගැනද මන්ත‍්‍රීවරයා එහිදී අදහස් පල කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: