2025 මාර්තු 15, පෙ.ව. 12:21
හෝමාගම ආසනයේ කුඹුරු ආශ්‍රිත නිදැල්ලේ සැරිසරන මුවන් 2500ත් 3000ත් අතර සිටින බවත් එම මුවන් උඩවල හෝ යාල රක්ෂිතයට ගෙනගොස් අත්හැරීමට පියවර ගන්නා බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අරුණ පනාගොඩ පැවසීය.
මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේ හෝමාගම ආසනයේ ග්‍රාම සේවාවසම් පහකින්ම ගොවි සංවිධානයේ ගොවීන්ගේ වගාවන්වලට සිදුවන වගා හානි සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේදීය.
ඒ අනුව අප්‍රේල්, මැයි මාස තුළදී ගොවියන්ගේ මෙම ගැටලුව විසදීමට කටයුතු කරන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
දීර්ඝ කාලයක් පටන් කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ග්‍රාම සේවා වසම් පහක් වන පිටිපන, මාවත්ගම, හබරකඩ, මුල්ලේගම, අතුරුගිරිය යන ග්‍රාමසේවා වසම් ගොවි සංවිධානයේ ගොවීන්ගේ ගැටලුවක් වන මුවන් නිසා සිදුවන වගා හානි සම්බන්ධයෙන් එවකට පැවැති ආණ්ඩුවලට ඔවුන්ගේ ගැටලු නිරන්තරයෙන් ඉදිරිපත් කළද එයට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවට ගොවින් පැවසූ බවද හෙතෙම කිවේය.
2025 මාර්තු 15, පෙ.ව. 12:35
2025 මාර්තු 15, පෙ.ව. 12:29
2025 මාර්තු 15, පෙ.ව. 12:28
2025 මාර්තු 15, පෙ.ව. 12:23
2025 මාර්තු 15, පෙ.ව. 12:11
15-03-25
15-03-25
15-03-25
15-03-25
15-03-25
15-03-25
15-03-25
15-03-25
14-03-25
14-03-25
14-03-25
14-03-25
14-03-25
14-03-25
14-03-25
14-03-25
14-03-25
14-03-25
14-03-25
14-03-25
14-03-25
14-03-25
14-03-25
14-03-25