hit counter

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

2025 මාර්තු 19, පෙ.ව. 12:07



ආණ්ඩුව පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තිකයන් වෙනුවෙන් දැනෙන මූලික වැටුප් වැඩි වීමක් සිදුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඔවුන් වර්ජන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ රු. 32 000ක මූලික වැටුපක් හිමි අයකුට රු. 22 000ක වැටුප් වර්ධකයක් හිමි කර දී ඇති අවස්ථාවක බවයි, ඇමතිවරයා සඳහන් කළේ.

දේශපාලන අරමුණු සහිතව මාස 4ක ආණ්ඩුවක් අපහසුතාවට පත්කිරීමට මේ ආකාරයේ වර්ජනය කිරීම සාධාරණ නොමැති බව ද හෙතෙම අවධාරණය කරයි.

කිසිවෙකු තමන්ට මූලික වැටුප් වැඩිවීම නැතත් පෙර පැවති අනුපාතය ලැබීම ප්‍රමාණවත් යැයි කියන්නේ නම් එය අදාළ වෘත්තිකයන්ට ද කරන බලවත් අසාධාරණයක් බව ඇමති නලින්ද ජයතිස්ස වැඩි දුරටත් ප්‍රකාශ කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: