hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 19, පෙ.ව. 12:19



ලංකාවේ ව්‍යවසායකත්ව උන්මාදයක් ඇති කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (18) පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුරයි.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“ජාත්‍යන්තර ප්‍රමිතියට අනුවත් රටක කර්මාන්ත සඳහා සියයට තුනක භූමි ප්‍රමාණයක් අවශ්‍යයි.කෘෂිකාර්මික කටයුතු සඳහා වැඩි පුර ඇති ඉඩම් කර්මාන්ත සඳහා ලබාදීමට අප අදහස් කර තිබෙනවා. අප ව්‍යවසායකත්ව උන්මාදයක් ඇති කළ යුතුව තිබෙනවා.නවය වසරෙන් පසුව විෂය නිර්දේශයට ව්‍යවසායකත්ව විෂය ඇතුල් කරන ලෙස අප ඉල්ලීම් කර තිබෙනවා.තරුණයන් ව්‍යවසායකයන් ලෙස ආර්ථිකයට බද්ධ කර ගැනීමේ සැලසුමක් අපට තිබෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: