hit counter

2026 ඔක්‍තෝබර් මස 14 වන බදාදා

2025 මාර්තු 26, ප.ව. 1:43



මධ්‍යම අධිවේගයේ පසුගිය 18 වනදා සිදු වූ රිය අනතුරෙන් මියගිය කැළණිය විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා ඒකකයේ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ගුණේන්ද්‍ර මහතාගේ බිරිඳ ද ජීවිතක්ෂයට පත්ව තිබේ.

රිය අනතුරින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ අසාධ්‍ය තත්ත්වයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය අද (26) මිය ගිය බව පොලිසිය සඳහන් කර සිටියේය.

මේ අනුව එම අනතුරින් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 3 දක්වා ඉහළ ගොස් ඇති බවත්  ආචාර්යවරයාගේ දරුවන් තිදෙනා ද මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: