2025 මාර්තු 27, පෙ.ව. 12:28
            
දෙන්නාගේ ආදර කතාව ලස්සන කරන්න ආව පුංචි පුත් කුමාරයා තමයි කෛලාෂ් කියන්නේ.
මාධවී – කසුන් දෙදෙනාගේ ජීවිත හැඩ කරන්න ආව මේ පුංචි මැණිකට මේ නම් එල්ල වෙන්නේ චෝදනාවක්..?
ඒ එයාගේ අප්පච්චිගෙන්.. කසුන් ඔහුගේ පණටත් වඩා ආදරය කරන ඒ දෙන්නාගේ පුංචි පුතා මේ වෙද්දී නම් අම්මාව අයිති කරගෙනලු..
මාධවිගේ මුහුණුපොතේ පළ කරපු සටහනක් පහතින්,
මීට මාස තුනකට කළියෙං මම අම්මා වුනා!
පැටියා ලැබුනු දා ඉඳලා අද වෙනකන්ම මුළු රැයක් එක දිගට නිදාගෙන නෑ..
ඉතිං මහන්සියි ව්‍යායාම කරන්න වෙලාවක් හොයාගන්න පුළුවන් වුනත්කරගන්න බෑ වෙනදට වඩා හරි තෙහෙට්ටුයි…
ව්‍යායාම කරලා මහන්සියට නින්ද ගිහින් බබාගෙ කෙඳිරියකට ඇහැරෙන්නැති වෙයි කියලා බයයි..
වෙලාවක් නෑ කොහොමත් ඕවට… බබා නිදි අතරේ කරගන්න ගෙදර වැඩ කෝටියයි..
උදව්වට අම්මලා ඉඳහිට ආවට මට ගෙදර උදව්වට මහත්තයා විතරයි..
කිරි දෙන නිසා හුඟක් බඩගිනියි ඉස්සර වගේ මැන මැන බෑ… කනවා ඉවරයක් නෑ..
බර වැඩි වෙනවා බලන් ඉද්දි. ඩබල් චින්.. සෙලියුලයිට්.. ලව් හැන්ඩල්ස්…
ඩයට් කරන්න බයයි.. බබාට පෝෂණය මදි වුනොත් කියලා හිත දෙන්නෙ නෑ..
කිරි දෙන නිසා කොන්ඩෙ යනවා අහුරු අහුරු…
සැලෝන් එකක පැයක් දෙකක් ගත කරන්න තාම යන්න විදිහක් නෑ බබා එක්කම ඉන්න ඕනෙ.. එයා අඬනවා නිදාගෙන නැගිටිද්දි මං ලඟ නැත්නම්.
ඉස්සර වගේ නියපොතු දිගට දාන්න බෑ බබාගෙ ඇඟේ ඇනෙයි කියලා…
ඩ්‍රයි ස්කින්… බොඩි හෙයා… බ්ලැක් හෙඩ්ස්… ඩාක් සර්කල්ස්… ඩ්‍රයි හීල්ස්…
වෙනදා කසුන් එක්ක කොච්චර ඇවිදින්න යනවද… දැන් විනෝදෙට එළියට යන්න බෑ. බබා චුට්ටක් ලොකු වෙනකන් ඉන්න වෙනවා ගෙටම කොටු වෙලා…
හෝමෝන් වෙනස්වීම් නිසා වෙනදට වඩා හැඟීම්බරයි, තරහා යනවා, දුක හිතෙනවා.. මූඩ් වෙනස් වෙනවා සට සට ගාලා…
මෙතන කියන්න බැරි තවත් වේදනා, ප්‍රායෝගික අපහසුතා හුඟක් තියෙනවා…
අම්මා කෙනෙක් දරුවෙක් බිහි කලාට පස්සෙ ආපහු සිරුරෙන් සහ මනසින් හිටපු තත්වෙට එන්න අවුරුදු 5ක් විතර යනවලු…
දැන් පොඩි නංගිලා මේවා දැකලා බය වෙන්න එපා ඔන්න…
දන්නවද…
මගෙ පුතා මං දිහා බබලන ඇස් වළින් විශ්වාසයෙන් බලනකොට…
එයා කලබලෙන් වටපිට බලලා මාව දැකලා ලැජ්ජාවෙන් ඇඹරිලා හිනා වෙනකොට…
හයියෙන් අඬන පුතාව තුරුල් කරගත්තු ක්ෂණයෙන් සැනසිලි සුසුමක් හෙළලා එයා නිදාගන්නකොට…
වෙනදට වඩා ආදරෙන් මහත්තයා මාව බදාගන්නකොට…
කණ්නාඩිය මොනා කිව්වත්…
කවුරු කොහොම කීවත්…
මට නම් මං දැන් තමයි හොඳම!
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25