hit counter

2025 ජූලි මස 31 වන බ්‍රහස්පතින්දා

2025 අප්‍රේල් 07, පෙ.ව. 12:25



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණීම ශ්‍රී ලංකාවට ගෞරවයක් බවට ජනතාව විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

අසල්වැසි විශාලම රාජ්‍යයේ නායකයා ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ මෙරටට පැමිණීම රටටත් ජනතාවටත් ගෞරවයක් බවද ඒ මහතා පැවසුවේය.

එවන් රාජ්‍ය නායකයෙක් පැමිණි විට දෙපාර්ශවයටම වාසිදායක ආර්ථික දේශපාලන ගිවිසුම් වලට එළඹීම රටක කළ යුතු දේවල් බවද ඒ මහතා සඳහන් කරයි.

තම පක්ෂය ඉන්දියාවට රට පාවා දුන්නේ යැයි කුඩා කණ්ඩායම් පැවසුවද ඉතිහාසයේ රට පාවාදීම්වලට දිවි පිදුවේ තම පක්ෂය බවත් ඒ මහතා සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණු විසින් සංවිධානය කරන ලද අප්‍රේල් විරු සමරුව අමතමින් ඒ මහතා මේ බව සඳහන් කරන ලදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: