2025 අප්‍රේල් 10, පෙ.ව. 12:27
“අපි රට භාර ගන්න කොට සහල් තිබුණේ නෑ. මණ්ඩලයේ වී ගබඩාවල වී ඇටයක් තිබුණේ නෑ. පොහොර තිබුණේ නෑ. පොහොර සහනාධාරය දීලා නෑ. අපි පොහොර දුන්නේ ගොවියන් උද්ඝෝෂණය කළ නිසා නොවේ.” යැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හදුන්නෙත්ති මහතා පැවැසීය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට අදාළව තෙලිජ්ජවිල, මහගොඩවත්ත ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“අපි මීට කලින් ඡන්ද කළේ විපක්ෂයේ ඉඳගෙන. ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කළේත් විපක්ෂයේ ඉඳගෙන. ඒ වෙලාවේ අපට ඡන්දය දුන්නේ පැවැති ආණ්ඩුවට විරුද්ධව. ඒ කියන්නේ ආණ්ඩු විරෝධී ඡන්දයක් තමා අපට හම්බ වුණේ. හැබැයි මේ වතාවේ තමා අපි ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඉඳගෙන ඡන්දය ඉල්ලන්නේ. මේ මැතිවරණය ගමේ පුංචි ඡන්දය වුණාට අපේ ජනවරම මනින ඡන්දයක්. ජනතා කැමැත්ත විපක්ෂයේදී වගේම ආණ්ඩුවේ ඉන්න කොට අපට ලැබීමත් වැදගත්. විපක්ෂය අපට විරුද්ධව ගෙන යන මතයක් තිෙයනවා. සාමාන්‍යයෙන් අපි ගැන විපක්ෂයට කියන්න දෙයක් නෑ. මොකද අපිට වංචා, දූෂණ, හොරකම්, ඥාති සංග්‍රහය, පවුල් පාලනය සහ පවුල් නඩත්තු කරනවා වගේ දේවල් කියන්න බෑනේ. අපි රටට අයිති ධනය සහ සම්පත් විකුණනවා කියන්නත් බෑ. රට ණය උගුලක හිර කරනවා කියන්නත් බෑ. අප ගැන කියන්න පුළුවන් එකයි. ඒකත් මේ ජනතාව අපට කියන දෙයක් නෙවේ. විපක්ෂය තමා කියන්නේ ජනතාව රවට්ටලා ඡන්දය ගත්තා කියලා. ඕක තමයි අපට එල්ල කරන්න තියෙන එකම චෝදනාව. ඒ චෝදනාවට උත්තරේ මේ ජනතාවම දුන්නොත් මොකද වෙන්නේ. අපි කැමැත්තෙන් ඡන්දය දීලා තමයි මේ ආණ්ඩුව පත්කර තියන්නෙ කිව්වොත් විපක්ෂයට කියන්න දෙයක් නැති වේවි. මේ රටේ පැවතුණු ආණ්ඩු වෙනස් කරන්න තමයි ඡන්දය දුන්නෙ කියන එක ඔප්පු කරන්න නම් අපි ආණ්ඩුව කරද්දීත් ආණ්ඩුවට ඡන්දය දුන්නා කියන එක වැදගත්. අන්න ඒ ප්‍රකාශය කරන්න ඔබට අවස්ථාව ලැබෙන ඡන්දයක් මේක. අපි මේ රටට විශාල සංවර්ධන යෝජනා ඉදිරිපත් කර තියෙනවා.
විමධ්‍යගත අරමුදල්වලින්, පළාත් සභා අරමුදල්වලින් විවිධ සංවර්ධන වැඩසටහන් මේ වන විට යෝජනා කර තියෙනවා. නිල්වලා ගඟේ සංවර්ධන වැඩසටහන තියෙනවා. පුරන් කුඹුරු අස්වැද්දීමේ ව්‍යාපෘතිය තියෙනවා. ඉතිං මේ සංවර්ධන යෝජනා ටික ක්‍රියාත්මක කරද්දී වැදගත්ම කාර්යභාරයක් කරන ආයතනය තමයි පළාත් පාලන ආයතනය. ප්‍රාදේශීය සභාව තමයි මේ සියල්ල අනුමත කරන්නේ. පාරේ ප්ලෑන් එක හදන්නේ. වතුර දෙන්න ප්ලෑන් එක හදන්නේ. ඇස්තමේන්තුව හදන්නේ. රජය මුදල් වෙන් කළාම ඒ මුදල් වියදම් කරන සැලසුම් හදන්නේ. අනුමත කරන්නේ පළාත් පාලන ආයතන. ප්‍රාදේශීය සභාව තමා ආණ්ඩුවේ තියෙන මධ්‍යගත සැලසුම් ගම් මට්ටමේ ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසාම මේ පළාත් පාලන ආයතනවල බලය අපට ඕනෙ. අපි කොච්චර හොඳට ආණ්ඩුව කරගෙන ගියත් ගමේ නායකත්වය හරිම වැදගත්. මේ ඡන්දයෙන් තමා අවුරුදු ගාණකට පසුව සැබෑ මහජන නියෝජිතයන් ගමෙන් පත්වෙන්නෙ. මෙන්න මේ වගේ කාරණා නිසා මේ ඡන්දය වැදගත්.
විපක්ෂයේ තියෙන මේ කෙඳිරිල්ල නවත්වන්න අපට ඡන්දේ දෙන්න. විපක්ෂය කියනවා, ඔවුන්ට බලයක් ගමේ තියෙන බව. ඒ බලය තියෙනවද කියලා බලන්න වෙන්නෙ මේ ඡන්දයෙන්. පාර්ලිමේන්තුවේ අපේ එකසිය පනස් නවයක් ඉන්නවා. අනෙක් පක්ෂවලින් හතළිස් පහයි. හැබැයි අපි වගේ නෙවෙයි, ඒ අයගේ හරි සද්දේ. ඒ සද්දේ ඉවර කරන්නත් ඕනෙ. එහෙම වුණොත් ආයෙමත් විපක්ෂය කෙඳිරිගාන එකක් නෑ. කටින් බතල හිටවන විපක්ෂයක් තමා අපට තියෙන්නෙ. අපි ජනතාව රවටා ඡන්දය ගත්තා කියනවා. පෙරහරක්වත් කරන්න දෙන්නේ නෑ කිව්ව ආණ්ඩුව දළදා වන්දනාවක් සංවිධාන කර තියෙනවා.
අපි නීතියට ඇඟිලි ගහන්නෙ නෑ. නීතිය විදිහට ක්‍රියාත්මක කරන්න ඉඩදී තියෙනවා. අපේ කෙනෙක් වුණත් වැරදි වැඩක් කළොත් අත්අඩංගුවට ගන්නවා. අපි රටේ දේශපාලන සංස්කෘතිය මුළුමනින්ම වෙනස් කරනවා කියලා පොරොන්දු වුණා. ඔය කියන කතා බලය ගන්නතුරු විතරයි කිව්වා. ඒ වුණාට අපි ඒ දේ කළා. දැන් මෙතැනට වෙන ආණ්ඩුවක කැබිනට් ඇමැතිවරයෙක් ආවා නම් ආණ්ඩුවේ වාහන කීයක් එනවද? පොලීසියේ කී දෙනෙක් එනවද? මම විතරක් නෙවෙයි, අපේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයම එහෙම තමයි. නිල වාහන, නිල නිවාස නෑ ඇමැති පඩියයි, මන්ත්‍රී පඩියයි දෙකක් තිබුණට අපි ඒ දෙකම ගන්නෙ නෑ. අපේ ජනාධිපතිවරයාත් එහෙමයි. ජනාධිපති නිල නිවෙස පාවිච්චි කළේ ඊයේ විතරයි. අගමැති මෝදි පිළිගැනීමේ උත්සවයට. මේවා සුළුපටු නෑ. ”
2025 අප්‍රේල් 16, ප.ව. 2:19
2025 අප්‍රේල් 16, ප.ව. 1:54
2025 අප්‍රේල් 16, පෙ.ව. 10:35
2025 අප්‍රේල් 16, පෙ.ව. 12:22
2025 අප්‍රේල් 16, පෙ.ව. 12:20
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
15-04-25
15-04-25
15-04-25
15-04-25
15-04-25
15-04-25
14-04-25
14-04-25
14-04-25
14-04-25