hit counter

2026 මාර්තු මස 20 වන සිකුරාදා

2025 අප්‍රේල් 16, ප.ව. 4:55



අද (16) දින ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.91ක් ලෙස සහ විකුණුම් මිල රු. 302.61ක් ලෙස පහළ ගොස් තිබෙනවා.

ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

ලංකා බැංකුවේ ගැනුම් මිල රු. 294.15ක් ලෙසත් – විකුණුම් මිල රු. 302.15 සටහන් වුණා.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ රු. 292.75 ගැනුම් මිල ලෙසත් – රු. 300.75 විකුණුම් මිල ලෙසත් දැක්වුණා.

හැටන් නැෂනල් බැංකුවේ (HNB) ගැනුම් මිල රු. 294.65ක් ලෙසත් -විකුණුම් මිල රු. 301.65ක් ලෙසත් සටහන් වුණා.

සෙලාන් බැංකුවේ රු. 294.00ක් ලෙස ගැනුම් මිලත් – රු. 302.00ක් ලෙස විකුණුම් මිලත් දැක්වුණා.

කොමර්ෂල් බැංකුව රු. 291.99ක් ලෙස ගැනුම් මිල දැක්වුණ අතර – රු. 301.50ක් ලෙස විකුණුම් මිල සටහන් වුණා.

අමානා බැංකුවේ ගැනුම් මිල රු. 296.00ක් ලෙසත් – විකුණුම් මිල රු. 301.00 ලෙසත් සටහන් වුණා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: