hit counter

2026 පෙබරවාරි මස 17 වන අඟහරුවාදා

2025 අප්‍රේල් 21, පෙ.ව. 12:05



මේ වන විට රටේ වංචා දූෂණ නතර වී හොරු ඇල්ලීම ආරම්භ කොට ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ආණ්ඩුවේ රට ඉදිරියට ගෙන යන එම වැඩපිළිවෙළට සහයෝගය දැක්වීමට පළාත් පාලන ඡන්දය එන බවයි, ඔහු සඳහන් කළේ.

කෙසේ වුව ද ආණ්ඩුවේ වැඩපිවෙළට අකමැති විරුද්ධවාදීන් ආණ්ඩුවට විරුද්ධව බොරු කියමින් කුමන්ත්‍රණ කරමින් ඇතැයි ඔහු පෙන්වා දෙයි.

මෙම මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ ජාතික ජන බලවේගය බවත් ජනාධිපතිවරණය 50%න් ද මහා මැතිවරණය 60%න් ද දිනූ බවත් මෙවර පළාත් පාලන මැතිවරණය 70% ඉක්මවා ජයගත යුතු බවත් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.

ජාතික ජන බලවේග පළාත් පාලන මැතිවරණ ජන හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: