hit counter

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා

2025 අප්‍රේල් 27, පෙ.ව. 6:25



රුසියාවේ කුර්ස්ක් පළාතෙහි යුක්‍රේන හමුදා විසින් අල්ලාගත් ප්‍රදේශ මුදාගැනීම අවසන් බව ඊයේ ක්‍රෙම්ලිනය නිවේදනය කළා.

ඒ අනුව 2024 අගෝස්තු 6 වනදා යුක්‍රේනියානුවන් විසින් දියත් කිරීමට යෙදුණ කුර්ස්ක් මෙහෙයුම අසාර්ථක ලෙස අවසන් වනවා.

කෙසේ වෙතත් යුක්‍රේනය පවසන්නේ තමන් දිගටම එහි සටන් කරමින් සිටින බවයි.

මේ අතර කුර්ස්ක් පළාතේදී රුසියානුවන් සමග උතුරු කොරියානු හමුදා ද සටන් වැදුණ බව රුසියාව පළමු වරට නිල වශයෙන් ප්‍රකාශ කළා.