2025 මැයි 02, ප.ව. 1:50
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශකවරයා වූ මයික් වොල්ට්ස් එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා. ඔහුගේ දෙවැනියා ද ධුරයෙන් ඉවත් කරන ලද බවයි සඳහන් වන්නේ. කෙසේ වෙතත් ඇමරිකානු ආණ්ඩුව පවසන්නේ වොල්ට්ස් එක්සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපති ලෙස පත් කෙරෙන බවයි.
වොල්ට්ස්ව ධුරයෙන් ඉවත් කිරීමට ආසන්න හේතුවක් ලෙස සැලකෙන්නේ මෑතකදී හෙළිදරව් වූ ජාතික ආරක්ෂාව පිළිබඳ තොරතුරු පිටවීමේ සිදුවීම බවයි අනුමාන කෙරෙන්නේ. සිග්නල් පණිවිඩ හුවමාරු යෙදවුමෙහි සාදන ලද සමූහයක ඇමරිකාවේ ඉහළ පෙළේ බලධාරීන් යේමනයේ හූති කැරලිකරුවන් ඉලක්ක කරගෙන එල්ල කළ ප්‍රහාර පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. වොල්ට්ස් හෝ ඔහුගේ සහයකයකු විසින් එම සමූහයට ප්‍රවීණ මාධ්‍යවේදියකු ඇතුල් කිරීමෙන් පසුවයි මෙවැනි සිද්ධියක් පිළිබඳ මාධ්‍ය වෙත වාර්තා වූයේ.
මීට අමතරව ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් විසින් තම බිරිඳ සහ නීතීඥයා ආදී පිරිසක් ඇතුල් කර තවත් සිග්නල් සමූහයක් පවත්වාගෙන ගියේ යැයි හෙළි වුණා. හෙග්සෙත්ට එරෙහිව දැඩි විවේචන මතු වුවද ට්‍රම්ප් මෙතෙක් ඔහුව ආරක්ෂා කිරීමට කටයුතු කරන බව පෙනී යනවා. නමුත් සිග්නල් සිද්ධිය පිළිබඳ විවේචන දිගටම මතුවීම හේතුවෙන් වොල්ට්ස්ව ධුරයෙන් ඉවත් කරන්නට ඇතැයි අනුමාන කෙරෙනවා.
මේ අතර රුසියාව සහ යුක්‍රේනය මෙන්ම ඉරානය පිළිබඳව ද වොල්ට්ස් ට්‍රම්ප්ට වඩා වෙනස් මතයක් දැරීම ද ඔහුව ඉවත් කිරීමට හේතු වූයේ යැයි “ෆොරීන් පොලිසි” සඟරාව ප්‍රකාශ කරනවා.
2025 මැයි 02, ප.ව. 1:14
2025 අප්‍රේල් 29, ප.ව. 3:48
2025 අප්‍රේල් 27, පෙ.ව. 6:25
2025 අප්‍රේල් 27, පෙ.ව. 6:21
2025 අප්‍රේල් 25, පෙ.ව. 10:47