hit counter

2026 මාර්තු මස 28 වන සෙනසුරාදා

2025 මැයි 08, ප.ව. 11:20



IPL තරගාවලියේ පංජාබ් කිංග්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරගය ධර්මසාලාහිදී පැවැතුණු තරගය අතරමග නවතා දමන්නට තරග සංවිධායකයන් කටයුතු කළේය.

ධර්මසාලා ප්‍රදේශයේ විදුලිය විසන්ධි කිරීමක් හේතුවෙන් ක්‍රීඩාංගණයේ විදුලි කුලුනක් අක්‍රීය වූ නිසාවෙන් තරගය අතහැර දමා තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්ථා කරන්නේ මෙලෙසින් විදුලිය විසන්ධි වීම සිදුවූයේ ජම්මු සහ පතන්කෝට් නගරවලට ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ අනතුරු ඇඟවීම් හේතුවෙන් බවටයි.

මේ අතර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ කරච්චි සහ පේශාවර් කණ්ඩායම් අතර රාවල්පිණ්ඩි හිදී පැවැත්වීමට නියමිතව තිබූ තරගය කල්දැමීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය  තීරණය කළා.