hit counter

2026 ජූනි මස 22 වන සඳුදා

2025 මැයි 13, ප.ව. 1:25



මාර්ගගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන “ටීචර් අම්මා” යන අන්වර්ථනාමයෙන් හදුන්වන හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් 3ක් මේ වනවිට යොදවා ඇති බව වාර්තා වේ.

හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කර ඇති අතර අනතුරුව ඇය දුරකතනය ක්‍රියා විරහිත කර දියණිය සමග ප්‍රදේශයෙන් පලාගොස් සැගවී සිටින බව පොලිසිය සඳහන් කරයි.

එම තරුණයාගේ සහෝදරියක ෆේස්බුක් පිටුවක හයේෂිකා සම්බන්ධයෙන් පළ කළ පෝස්ටුවක් සම්බන්ධයෙන් පලිගැනීමක් වශයෙන් ඇය, ඇගේ සැමියා සහ ඇගේ ආයතනයේ කළමනාකරු එම තරුණයාට පහරදී ඇති බව අනාවරණය වී ඇත.

ඒ අනුව ඇගේ සැමියා සහ කළමනාකරු කටාන පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ‌හෙට (14) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: