hit counter

2025 මැයි මස 19 වන සඳුදා

2025 මැයි 19, පෙ.ව. 9:19



යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් වන ‘ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය’ අද පැවැත්වෙයි.

ඒ, සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි.

බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී සැමරුම් උත්සවය ආරම්භ වන්නේ, අද පස්වරු 4 ට පමණය.

ඊට සමගාමීව බත්තරමුල්ල ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙයි.

පොලිසිය සඳහන් කළේ, මාර්ග වසාදැමීමක් නොකරන බවයි.

යම් රථ වාහන තදබදයක් ඇති වුවහොත්, පොල්දූව මංසන්ධියේ සිට ජයන්තිපුර හරහා කියයෑම් හන්දිය දක්වා පාර්ලිමේන්තු මාර්ගයෙන්, කොළඹ දෙසට ගමන් කිරීම සහ පිටවීම සීමාකිරීමට සිදුවන බව පොලීසිය පවසයි.

ඒ අනුව කොළඹින් පිටවන වාහනවලට, පොල්දූව මංසන්ධියෙන් බත්තරමුල්ල හංදිය දක්වා ගමන් කර, පාලම් තුන හන්දියෙන් කියයෑම් හන්දිය දක්වා ගමන් කළ හැකිය.

කොළඹට ඇතුළුවන වාහනවලට කියයෑම් හන්දියේ සිට පාලම් තුන හන්දියෙන් බත්තරමුල්ල හන්දිය දක්වා ගමන් කර, පොල්දූව මංසන්ධියෙන් කොළඹ දක්වා ධාවනය කළ හැකිය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: