hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2025 මැයි 22, පෙ.ව. 12:04



ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (23) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා පැය 10ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

පෑලියගොඩ, වත්තල, ජා – ඇල, කටුනායක, සීදුව නගර සභා බලප්‍රදේශය, කැලණිය, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බලප්‍රදේශ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

එබැවින් එම ප්‍රදේශවල පාරිභෝගිකයින්ට අවශ්‍ය ජලය ගබඩා කර තබා ගැනීමට කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: