hit counter

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 22, ප.ව. 1:15



පසුගිය රජය සමයේ කර්මාන්ත රාජ්‍ය ඇමති ලෙස අලිමංකඩ මන්නාරම ලුනු ලේවායන් පැවතියේ තමන් යටතේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දිසානායක පවසයි.

එකල තබා සුද්දා රට පාලනය කළ කාලයේවත් රටේ ලුනු හිඟයක් ඇති නොවුණ බවත් වත්මන් ආණ්ඩුවට ජනතාවට උවමනා ලුනු ටික පවා දීමට නොහැකි වී ඇති බව පිළිගත යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

සුද්දා රට පාලනය කළ යුගයේ ලුනු වෙළඳාමේ යෙදුණු දකුණේ ජනතාව වැලිමඩ නුවරඑළිය බදුල්ල මොනරාගල වැනි පළාත්වල පදිංචි වූ බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

එම දුර්වලතා නිවැරදි කරගෙන ඉදිරියට යනු මිස තමන් අල්ලා සිරගත කිරීමෙන් පලක් නොමැති බව ද චාමර සම්පත් සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: