2025 මැයි 26, පෙ.ව. 9:50
රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් ගමන් කළ හෙලිකොප්ටරය ඉලක්ක කරගෙන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ බව එරට ගුවන් ආරක්ෂක කණ්ඩායමක ප්‍රධානියකු බව කියන යූරි දාශ්කෆ් නම් නිලධාරියා පවසනවා.
රසියා 1 රූපවාහිනී නාලිකාව සමග අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මැයි 20 වනදා පුටින් කුර්ස්ක් පළාතේ සංචාරය කරන අවස්ථාවේ ඩ්‍රෝන ගණනාවක් යොදාගෙන එල්ල කෙරුණ ප්‍රහාරයක මධ්‍ය ලක්ෂ්‍යය බවට පුටින් ගේ හෙලිකොප්ටරය පත්වූ බවයි.
නමුත් එම ඩ්‍රෝන සියල්ල වනසා දමන ලද බවද දාශ්කෆ් පවසා සිටියා.
යුක්‍රේනය මෙම සිද්ධිය පිළිබඳ කිසිදු අදහසක් දක්වා නැහැ. එමෙන්ම මෙම සිද්ධිය පුටින්ගේ ජනප්‍රියත්වය වර්ධනය කිරීම සඳහා ගොතන ලද්දක් යැයි ද ඇතැම් යුක්‍රේන මාධ්‍ය චෝදනා කරනවා.
පුටින් මැයි 20 වනදා කුර්ස්ක් පළාතේ සංචාරය කළේ, යුක්‍රේන හමුදා එම ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙන් පසුව පළමු වතාවටයි.
2025 මැයි 29, ප.ව. 2:30
2025 මැයි 27, ප.ව. 4:04
2025 මැයි 22, ප.ව. 8:40
2025 මැයි 15, පෙ.ව. 8:46
2025 මැයි 14, ප.ව. 2:02