hit counter

2025 ජූලි මස 13 වන ඉරිදා

2025 මැයි 27, පෙ.ව. 12:05



කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට පෞද්ගලික සිසුන් බඳවා ගැනීමේ තීන්දුව ජාතික ජන බලවේගයේ වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ විරෝධය හමුවේ ආපසු හැරවී ඇත.

පසුගිය 21 වැනිදා පළ කළ දැන්වීමකින් පසු, 22 වැනිදා පාර්ලිමේන්තුවේදී විරෝධය පළ වූ අතර, කෙඩෙට් හා විදේශීය සිසුන් පමණක් බඳවා ගැනීමට තීරණය විය.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මෙම වෙනස පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලකට දේශීය සිසුන්ට වෛද්‍ය උපාධි ලබාදීම රජයේ ප්‍රතිපත්තියට පටහැනි බව වෛද්‍ය මන්ත්‍රීවරුන් අවධාරණය කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යවරයා සහ විශ්වවිද්‍යාල පරිපාලනය රජයේ ඉහළ නායකයන්ට නොදන්වා මෙම තීරණය ගත් බව තොරතුරු හෙළි වූ අතර, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමඟද මේ පිළිබඳ සාකච්ඡා කරන බව වාර්තා වේ. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: