2025 මැයි 27, ප.ව. 6:15
නිලි රැජින මාලනී ෆොන්සේකා මහත්මිය මතක පමණක් ඉතිරි කරමින් ඊයේ දැයෙන් සමු ගත්තා.
ඇයගේ වියෝව ලාංකික සිනමාලෝලින්ව කම්පනයට පත් කරන ලද සිද්ධියක් වුණා.
ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි එක්තරා නිළියක් ඇයගේ දේහය අසල හිඳ වයසක අම්මා කෙනෙකු තල්ලු කරමින් ඉතාමත් අශෝභන ආකාරයේ හැසිරෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ කතාබහට ලක් වුණා.
ඇයගේ හැසිරීම ගැන අප්‍රසාදය පළ කරමින් මේ වන විට ඇමරිකාවේ පදිංචිව සිටින ඒ සමයේ අතිශය ආන්දෝලනාත්මක චිත්‍රපට රැසකට රංගන දායකත්වය ලබා දුන් රංගන ශිල්පිනී සුමනා ගෝමස් සිය මුහුණුපොතේ සටහනක් තබා තිබෙනවා.
ඇත්තටම Nirdha Uyanhewa මගේ මූණු පොතේ ඉන්නවා … මේ video එක මට යාලුවෙක් එවලා තිබුණා. අර අහිංසක අම්මව අතින් තල්ලු කරනවා හැමොටම පැහැදිලිව පේනවා ඒ අම්මා Nird … හැරිලා බලනවා video කරන කෙනාට මෙයා කියනවා video කරන්න ක්‍රමය… ඒ අම්මගෙ කාලේ මාලනී අක්කා ගෙ චිත්‍රපට ඕන තරම් බලලා ඇති නමුත් ඔයා .. ගහපු බෙරකුත් නෑ… බෙරේ පාලු..නෑ මාලනී අක්කා ට ගෞරවය කරන්න ඔයා ආවේ නෑ.. ඔයා ලැජ්ජා වෙන්න දැන් හැමෝම දැක්කා ඔයාගෙ ක්‍රියා පටි පාටිය.. අපිත් කලාකරුවන්ගෙන් මරණ වලට ගියා හැබයි මෙහෙම නම් නෑ. මාලනී ෆොන්සේකා මහත්මිය ලංකාවේ වටිනා වස්තුවක් .. එයාලා තමයි මෙච්චර දුරක් මේ වටිනා කලාව රැක ගැනීමට මහන්සි උනේ…. මෙතැනට ඇවිත් සාමාජ ඉස්සරහ big shot … වෙන්න දඟලන්න එපා … මාලනී අක්කා එක්ක … You nothing. දැන්වත් ඉගෙන ගන්න හැදියාව. ඔයා අමරිකාව ටත් ආව මම දන්නවානේ මෙහෙම උන දේවල් උනත් ඔයාගෙ හිත දන්නවා ඇති.
2025 ජූලි 13, පෙ.ව. 12:10
2025 ජූලි 13, පෙ.ව. 12:03
2025 ජූලි 12, පෙ.ව. 12:07
2025 ජූලි 12, පෙ.ව. 12:02
2025 ජූලි 11, පෙ.ව. 11:30
13-07-25
13-07-25
13-07-25
13-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
11-07-25
11-07-25
11-07-25
11-07-25
11-07-25
11-07-25
11-07-25
11-07-25
10-07-25
10-07-25