2025 මැයි 28, පෙ.ව. 6:43
හෙරොයින් තම සන්තකයේ තබාගත් බව කියන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ශෙහාන් මධුසංඛ පන්නල පොලිසිය මගින් අත්අඩංගුවටගෙන අධිකරණට ඉදිරිපත් කරමින් වැඩිදුර පරීක්‍ෂණ සඳහා ඉල්ලාසිටි රැඳවුම් නියෝගයක් ජුනි 01 දක්වා ලබාදීමට කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා (26) නියම කළේය.
එලෙසින් රැඳවුම් නියෝග ලද මධුසංඛ මීට පෙර අවස්ථාවකදීද එසේ හෙරොයින් සන්තකයේ තබාගෙන සිටීම හේතුවෙන් එම අධිකරණය මගින්ම රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි බව පොලිසිය එහිදී මහේස්ත්‍රාත්වරයා දැන්වීය.
නිවසේ හෙරොයින් තබාගෙන සිටින බවට ලද තොරතුරකට අනුව නිවසට ගොස් පරීක්‍ෂා කිරීමේදී පොලිසිය දුටු සැකකරු පුටු සැටියකට මුවා වී සිටි බවත් සැකකරුට අයත් ක්‍රීඩා කුසලාන පිරික්සීමේදී එම හෙරොයින් තොගය සොයාගත් බවටත් වැඩිදුරටත් කරුණු දක්වමින් පොලිසිය එහිදී කියා සිටියේය.
මීට පෙර, හෙරොයින් ග්‍රෑම් 2ක් හා මිලිගෑම් 700ක් සන්තකයේ තබාගෙන සිටියදී මධුසංඛ පොලිසියට කොටුවී තිබිණි.
පන්නල ඇලබඩගම ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරු සන්තකයේ එවැනි මත්කුඩු තොගයක් ඇතැයි පන්නල පොලිසියට ලද පැමිණිල්ලක් මත පන්නල කූඩලුපොත්ත ප්‍රදේශයේදී සැකකාර ක්‍රිකට් ක්‍රීඩකයාට අයත් මෝටර් රිය පරීක්‍ෂා කිරීමේදී සැකකරු සන්තකයේ තිබූ එම මත්කුඩු පන්නල දූෂණ මර්ධන ඒකකයේ නිළධාරීන් විසින් සොයාගෙන තිබුණා.
ශෙහාන් මදුෂංක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර 2018 දී පැවති ඔහුගේ පළමු එක්දින ජාත්‍යන්තර තරඟයේදී, කඩුලු ත්‍රිත්වයක් ද ලබා ගනිමින් වාර්තා අතරට එක්වූ ක්‍රීඩකයෙකි.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47