2026 සැප්තැම්බර් 18, ප.ව. 10:23
ශ්රී ලංකාව සමග T 20 ක්රිකට් තරගාවලිය තවත් තරගය ඉදිරිව තිබියදීම තරග 2-0ක් ලෙස ජය ගන්නට එංගලන්තය සමත් වුණේ දෙවන T 20 තරගය ද කඩුලු 6කින් ජය ගෙනයි.
ප්රථමයෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 145ක් පමණි.
පැතුම් නිස්සංක ලකුණු 37ක් ද, නායක චරිත් අසලංක ලකුණු 31ක් සහ වනිඳු හසරංග ලකුණු 27ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී ලියම් ඩෝසන් ලකුණු 32කට කඩුලු 3යි.
ජිමී ඕවර්ටන් සහ ජොෆ්රා ආචර් අතරේ කඩුලු 2ක බැගින් දවා ගත්තා.
ශ්රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 10යම ලකුණු 89ක් තුළ බිඳ වැටීමත් විශේෂත්වයක්
ජයග්රහණය සඳහා ලකුණු 146ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය පන්දුවාර 12යි එක් පන්දුවකදී කඩුලු 4ක් දැවී ලකුණු 146ක් ලබා තරගය ජය ගත්තේය.

ජොස් බට්ලර් ලකුණු 30යි.
ටොම් බැන්ටන් නොදැවී ලකුණු 52යි.
ශ්රී ලංකාව අඛණ්ඩව එංගලන්තය හමුවේ පරාජය වූ 14වැනි T 20 තරගය ද මෙයයි.
තුන්වැනි හා අවසන් T 20 ක්රිකට් තරගය හෙට මැන්චෙස්ටර්හිදී පැවැත්වීමට නියමිතයි.
2026 සැප්තැම්බර් 18, ප.ව. 10:19
2026 සැප්තැම්බර් 15, ප.ව. 8:39
2026 සැප්තැම්බර් 13, ප.ව. 8:24
2026 සැප්තැම්බර් 13, ප.ව. 8:11
2026 සැප්තැම්බර් 13, ප.ව. 3:36