hit counter

2026 සැප්‍තැම්‍බර් මස 18 වන සිකුරාදා

2026 සැප්‍තැම්‍බර් 18, ප.ව. 10:19



ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඒ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී මැලේසියාව ලකුණු 86කින් පරාජය කරමින්.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 160ක් රැස්කළා.

නායිකා චමරි අතපත්තු ලකුණු 63යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මැලේසියාවට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 74ක් පමණි.

මිතාලි අයෝද්‍යා , කවීෂා ඩිල්හාරි සහ චමරි අතපත්තු කඩුලු 2ක බැගින් දවා ගත්තා.