2025 මැයි 29, ප.ව. 2:30
තමන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවෙහි විශේෂ සේවකයකු ලෙස කටයුතු කරන කාලය අවසන් වෙමින් පවතින බව ඊලොන් මස්ක් පවසනවා.
ඔහු කියා සිටින්නේ තමන් යටතේ ක්‍රියාත්මක වූ ආණ්ඩුවේ කාර්යක්ෂමතාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ කටයුතු දිගටම පවතිනු ඇති බවයි.
ආණ්ඩුවේ වියදම් අඩු කිරීම සඳහා බව ප්‍රකාශ කරමින් ට්‍රම්ප් විසින් එම දෙපාර්තමේන්තුව පිහිටුවන ලද නමුත් මස්ක් කටයුතු කළේ විශේෂ රාජ්‍ය සේවකයකු ලෙසයි. ඒ අනුව සෙනට් සභාවේ අනුමැතිය ඔහුගේ පත්කිරීමට අදාල වූයේ නැහැ.
ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට විශාල මුදලකින් ආධාර කළ මස්ක් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වූ පසු විශාල බලයක් හිමි අයකු බවට පත්වුණා.
කෙසේ වෙතත් තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳ මස්ක් සහ ට්‍රම්ප් අතර මීට ස්වල්ප කලකට පෙර මත ගැටුමක් ඇතිවූ අතර මෑතකදී කොන්ග්‍රස් සභාව වෙත ඉදිරිපත් කළ බදු පිළිබඳ පනත කෙරෙහි ද මස්ක්ගේ නොසතුට පළවුණා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24