hit counter

2025 නොවැම්‍බර් මස 28 වන සිකුරාදා

2025 මැයි 31, පෙ.ව. 12:02



පොසොන් දන්සල් ලියාපදිංචි කිරීම ආරම්භ කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමය කියයි. දන්සල් සංවිධායකයන් තමන්ට ආසන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචිවීම අනිවාර්යයෙන්ම කළයුතු බව සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ පැවැසීය.

අනුරාධපුරය, පොලොන්නරුව,මිහින්තලය,කුරුණෑගල,දඹුල්ල, කොළඹ ඇතුළු තදාසන්න නගර ගණනාවක පොසොන් දන්සල් වැඩි වශයෙන් පැවැත්වෙන බවද ලේකම්වරයා මෙහිදී පැවැසීය.

කඩින් කඩ ඇද හැලෙන වැසි සමග රටපුරා බෝවන රෝග පැතිරයාමේ අවදානමක් පවතින බැවින් දන්සල් මගින් බෝවන රෝග පැතිරයාම වැළැක්වීමට උපදෙස්, මාර්ගෝපදේශ සහ නිරන්තරයෙන් විමර්ශන සිදු කිරීමට සිය සංගමය පියවරගෙන තිබෙන බැවින් ලියා පදිංචිවීම අනිවාර්ය බවත් ක්ෂණිකව පවත්වන දන්සල් තහනම් කිරීමට පියවර ගන්නා බවත් පසුගිය වෙසක් සමයේදී ලියාපදිංචි නොවූ දන්සල් 08ක් තහනම් කිරීමට සිදුවූ බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: