2025 ජූනි 07, පෙ.ව. 12:02
අනුදි ගුණසේකර… ඇය ගැන දැන් ඔබ ඕනෑවටත් වඩා දන්නවා.
72 වන ලෝක රූ රැජින වේදිකාව නියෝජනය කරලා, ලංකාවට ආව ඈ සිය ලෝක රූ රැජින ගමනේ අත්දැකීම් බෙදාගෙන තිබුණා.
ඒ අතර විශේෂයි, ඇයට අවසන් 40 දෙනා අතරට එන්න නොහැකි වීම පිළිබඳව දුකක් දැනුණාද යන්න.
මොකද, මේ හැමෝම ජයග්‍රහණය බලාගෙන යන ගමනක්…
”කොහොමටවත් නෑ. ඇත්තටම අපි තේරුම් ගත යුතු දෙයක් තිබෙනවා. මෙවැනි තරගවලදී අපි කරන දේවල්වලට අමතරව තව ගොඩාක් දේවල් බලපානවා. විනිශ්චය මණ්ඩලය සහ පවත්වපු රට. එතකොට අපේ රටේ ඉතිසාසය දෙස බලන විට අපි ‘පැජන්ට් කන්ට්‍රි’ එකක් විදියට සැලකුවේ නෑ. හැම සාධකයක්ම බලපානවා. රටේ ජනතාව බලාපොරොත්තු තියාගත්තට හැමවෙලේම මධ්‍යස්ථ තැනක තමයි මම කොහොමටත් හිටියෙ. මොකද මම දැනගෙන හිටියා මීට අමතරව ගොඩාක් දේවල් මෙතනට බලපානවා කියන එක. ඉතින් මම විනිශ්චයට ගරු කරලා ඒක මම බාරගත්තා. පුළුවන් උපරිමයෙන් මම කළා. ලංකාව ලබානොගත්ත රෙකෝඩ් තුනකුත් මම තිබ්බා. ඒක තව පන්නරයක් වේවි ඊළඟ කෙනාට. ඒක මම මධ්‍යස්ථව බාරගත්තා..”
වෙනත් වසරවලට සාපේක්ෂව, මෙවර රූ රැජින තරගාවලියට ලොකු අවදානයක් ලැබී තිබුණා. ඒ නිසාම අනුදිට සහය දක්වන්නත් බොහෝ පිරිස් කටයුතු කරන අන්දමයි දක්නට ලැබුණේ,
”පළමු වතාවට තමයි අපට මේ වගේ සහයෝගයක් රටෙන් ලැබුණෙ. මුදල් වියදම් කරන්නේ නැතිව රටේ ජනතාව අපට දුන්න සහයෝගයට ගරු කරනවා. මම කියන්නේ මීට පස්සෙ එන අයටත් මේ වගේ සහයෝගයක් ලැබෙනවා නම් ගොඩක් වටිනවා…”
මෙවන් ජාත්‍යන්තර වේදිකාවක් නියෝජනය කිරීම ලේසි පහසු කාර්‍යයක් නෙවෙයි….
”එතන අපි කරන කාර්‍යය පහසු දෙයක් නොවෙයි. ගොඩාක් අයට පේන්නෙ අපි මේකප් කරගෙන, ඇඳුම් ඇඳගෙන අපි දවස ගත කරනවා කියලයි. එහෙම නෑ. හැමදෙයක්ම තරගයේ කොටසක්. උදේ පාන්දර ඇහැරෙන එකේ ඉඳලා වැඩ ගොඩක් තියෙනවා. සමහර දවස්වලට වැඩ දරාගන්න බැරි තරම්. අපට උදව් කරන්න කවුරුත් නෑ. අපේ මේකප්, ඇඳුම් සියල්ල තනියෙන් කරගන්න ඕනි. ඊට අමතරව සමාජ ජාලාවල අපි හොඳත් දකිනවා. නරකත් දකිනවා. ඒ වගේ තැන්වලදි අනවශ්‍ය පීඩනයක් එන්න පුළුවන්. සමහර අවස්ථාවල අපි උපරිමයෙන් කළත් ඒක මදිවන අවස්ථා තියෙනවා. ඒක ගැන අනවශ්‍ය විවේචනය කරන අවස්ථා තියනවා. මම හිතන්නෙ ඒවා සාමාන්‍යයි. ඊට උඩින් මට සහයෝගය ලැබුණු නිසා ප්‍රශ්නයක් වුණේ නෑ. මොකද මම රට වෙනුවෙන් ඒ සියල්ල දරාගත්ත හින්දා….”
උපුටාගැනීම් : ලංකාදීප
2025 ජූනි 07, පෙ.ව. 12:07
2025 ජූනි 06, පෙ.ව. 12:22
2025 ජූනි 06, පෙ.ව. 12:07
2025 ජූනි 05, පෙ.ව. 12:05
2025 ජූනි 05, පෙ.ව. 12:02
07-06-25
07-06-25
07-06-25
07-06-25
06-06-25
06-06-25
06-06-25
06-06-25
06-06-25
06-06-25
06-06-25
06-06-25
06-06-25
06-06-25
05-06-25
05-06-25
05-06-25
05-06-25
05-06-25
05-06-25
05-06-25
05-06-25
05-06-25
05-06-25