hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2025 ජූනි 08, පෙ.ව. 12:07



2025 මැයි මාසය තුළ දී විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 641.7 ක් ලෙසින් වාර්තා වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවේ ඒ බව දක්වා ඇත.

ඒ අනුව 2025 ජනවාරි – මැයි කාලපරිච්ඡේදය තුළ දී ලද සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 3,102.2 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙය 2024 වසරේ පළමු මාස 05 තුළ වාර්තා වී ඇති විදේශ සේවා නියුක්තිකයින්ගෙන් ලද ප්‍රේෂණ වටිනාකම වූ ඩොලර් මිලියන 2,624.4 හා සැසඳීමේ දී 18.2% ක වර්ධනයක් වේ.

මේ අතර 2025 මැයි මාසය තුළ දී වාර්තා වී ඇති සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 164.1 ක් ලෙසින් වාර්තා වේ.

ඒ අනුව 2025 මුල් මාස 05 තුළ වාර්තා වන සමස්ත සංචාරක ඉපැයීම් වටිනාකම ඩොලර් මිලියන 1,543.1 ක් ලෙසින් සටහන් වන අතර එය 2024 මුල් මාස 05 වාර්තා වුණු ඩොලර් මිලියන 1,405.6ක සංචාරක ඉපැයීම් ප්‍රමාණයට වඩා 9.8% ක ඉහළ යාමකි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: