hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2025 ජූනි 08, පෙ.ව. 10:09



කොළොම් බියාවේ සෙනට් සභිකයකු මෙන්ම 2026 ජනාධිපතිවරණයට තරග කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන මිගෙල් උරිබේ තුර්බේ ඝාතනය කිරීමේ උත්සාහයකදී ඔහුගේ හිසට වෙඩි තබා තිබෙනවා.

වෙඩිතැබීම සිදුකළ තැනැත්තා ද අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වුණා.

මිගෙල් උරිබේ තුර්බේ ප්‍රජාතන්ත්‍රවාදී කේන්ද්‍රය නම් පක්ෂයේ සාමාජිකයෙක්. ඔහුගේ මව කලක් ප්‍රකට ජනමාධ්‍යවේදිනියක වූ අතර 1991 දී පැහැරගැනීමකින් පසු සිදුවූ ගලවාගැනීමේ මෙහෙයුමක් අසාර්ථක වීමෙන් මරණයට පත්වුණා. 39 හැවිරිදි මිගෙල් උරිබේ තුර්බේගේ මවගේ සහ පියාගේ පියවරුන් දෙදෙනාම කොළොම්බියාවේ ලිබරල් පක්ෂයේ ප්‍රබලයින් වූ අතර මවගේ පියා හිටපු ජනාධිපතිවරයකු ද වුණා.

මිගෙල් උරිබේ තුර්බේ ඝාතනයට කළ උත්සාහය ඔහුගේ දේශපාලන පක්ෂය විසින් මෙන්ම ජනාධිපති ගුස්තාවෝ පෙත්‍රෝ විසින් ද හෙළාදැක තිබුණා.