2025 ජූනි 09, පෙ.ව. 11:29
ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ලොස් ඇන් ජලිස් කෝරළයේ මතුවූ විරෝධතා මැඩීම සඳහා ජාතික මුරභට හමුදා කැඳවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළා.
නමුත් මෙම පියවර කැලිෆෝර්නියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් සහ ලොස් ඇන්ජලිස් ප්‍රදේශයේ නගර කිහිපයක නගරාධිපතිවරුන් විසින් විවේචනය කරනු ලැබ තිබෙනවා.
මෙම විරෝධතා හටගත්තේ ඇමරිකාවේ සංක්‍රමණ සහ රේගු බලාධිකාරය (ICE) විසින් නීති විරෝධී සංක්‍රමණිකයන් අත් අඩංගුවට ගැනීම සඳහා ගෙනගිය මෙහෙයුම් හේතුවෙන් බවයි සඳහන් වූයේ.
මුලින්ම එරට වෙලාවෙන් ජූනි 7 වනදා සවස් යාමයෙහි ලොස් ඇන්ජලිස් නගර සීමාව ආසන්නයේ පිහිටි පැරමවුන්ට් නම් නගරයෙහි විරෝධතා හටගත් අතර එම ප්‍රදේශයේ එම අවස්ථාවේ සිය මෙහෙයුම් ක්‍රියාත්මක නොවූ බව ICE ආයතනය සඳහන් කර තිබුණා. කෙසේ වෙතත් විරෝධතා නැග එන අතරතුර ජාතික හමුදා භටයන් 2,000 ක් එහි යැවීමට ට්‍රම්ප් නියෝග කළේ කැලිෆෝර්නියා ආණ්ඩුකාර නිව්සම්ට තත්ත්වය පාලනය කරගත නොහැකි යැයි පවසමින්.
නමුත් නිව්සම් පෙරළා චෝදනා කළේ ට්‍රම්ප්ට සංදර්ශනයක් අවශ්‍ය වී ඇති බැවින් මෙසේ ජාතික මුරභටයන් කැඳවනවා විනා ඒ සඳහා අවශ්‍යතාවයක් නොමැති බවයි.
මේ අතර විරෝධතා තවත් වර්ධනය වූ අතර පොලිසිය සහ ජාතික මුරභටයන් තත්ත්වය පාලනය කිරීමට කඳුළු ගෑස් ද භාවිතා කළ බැව් වාර්තා වී තිබුණා.
2025 ජූනි 09, පෙ.ව. 11:05
2025 ජූනි 08, පෙ.ව. 10:43
2025 ජූනි 08, පෙ.ව. 10:09
2025 ජූනි 05, ප.ව. 3:06
2025 මැයි 29, ප.ව. 2:30