hit counter

2025 නොවැම්‍බර් මස 04 වන අඟහරුවාදා

2025 ජූනි 09, ප.ව. 3:16



අනුරාධපුර ප්‍රදේශයේ පාසල් කිහිපයක් අද (09) සිට (12) වනදා දක්වා පොසොන් සතිය තුළ වසා තැබෙනවා.

මේ බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරනු ලැබීය.

එම නිවේදනය ප්‍රකාරව අනුරාධපුර නගරය අවට සහ මිහින්තලය අවට පාසල් මෙලෙස වසා තැබෙනු ඇති.

පෙරේදා ( 07 ) ඇරඹුණු පොසොන් සතිය ලබන 13 වැනිදා දක්වා ක්‍රියාත්මක කරයි.

ඒ අනුව , දින හතරක කාලයක් , පොසොන් සතිය නිමිත්තෙන් පහත පරිදි අදාළ පාසල් වසා තැබීමට නියමිතව ඇත.

එම අදාළ පාසැල් ලැයිස්තුව පහත පරිදි වේ.

01.අනුරාධපුර මධ්‍ය විද්‍යාලය

02.ස්වර්ණපාලි ජාතික පාසල

03.වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය

04.නිවත්තකචේතිය ජාතික පාසල

05.සහිරා ජාතික පාසල

06.විවේකානන්ද මහා විද්‍යාලය

07.දේවානම්පියතිස්ස පුර මහා විද්‍යාලය

08.මහාබෝධි විද්‍යාලය

09.මිහින්තලේ මහා විද්‍යාලය

10.මිහින්තලේ කම්මලක්කුලම විද්‍යාලය

11.තන්තිරිමලේ විමලඥාන විද්‍යාලය





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: