2025 ජූනි 13, පෙ.ව. 9:16
ඊශ්‍රායලය විසින් අද අලුයම ඉරානයේ ටෙහෙරාන් සහ තවත් ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කළා. මේ බව සනාථ කරමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කළේ මෙම මෙහෙයුම “පිබිදෙන සිංහයා” ලෙස නම් කර ඇති බවයි. ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවීමේ අබියස සිටින බවත් එම නිසාවෙන් මෙම ප්‍රහාර එල්ල කළ බවත් නෙතන් යාහු පවසනවා.
ඉරානය වෙත එල්ල වූ ප්‍රහාරයන් හේතුවෙන් එරට ඉස්ලාමීය මුරභට හමුදා ප්‍රධානී මේජර් ජෙනරාල් හුසේන් සලාමි මියගොස් ඇතැයි වාර්තා වනවා. එමෙන්ම ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයන් තිදෙනකු ද මරණයට පත්ව ඇතැයි වාර්තා වුණා. ඉරානයේ නටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථානයට පහර දී තිබෙන බවත් ටබ්‍රිස්, කර්මන්ශෝ ආදී ප්‍රදේශයන් වෙත ද ප්‍රහාර එල්ල වී ඇති බවත් ඉරාන මාධ්‍ය පවසනවා.
මේ අතර ටෙහෙරානයේ සිවිල් ජනයා වාසය කරන ප්‍රදේශයන් වෙත එල්ල වූ ප්‍රහාර හේතුවෙන් සාමාන්‍ය ජනතාව ද මියගොස් සහ තුවාල ලබා ඇතැයි ඉරානය ප්‍රකාශ කළා.
ඊශ්‍රායල ප්‍රහාරයට දරුණු ලෙස ප්‍රතිචාර දැක්විය යුතු යැයි ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි හමනේයි සඳහන් කර තිබෙනවා.
2025 ජූනි 14, පෙ.ව. 4:42
2025 ජූනි 12, ප.ව. 11:43
2025 ජූනි 12, ප.ව. 8:56
2025 ජූනි 12, ප.ව. 5:29
2025 ජූනි 12, ප.ව. 5:16