2025 ජූනි 16, ප.ව. 10:04
ටෙහෙරාන් නගරයේ විශාල ප්‍රදේශයක් නම් කරමින් එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායල සන්නද්ධ හමුදා විසින් ඉරාන සිවිල් වැසියන්ට උපදෙස් දී තිබෙනවා.
ඉදිරි පැය කිහිපය තුළ විශාල ප්‍රහාරයක් එල්ල විය හැකි බවයි ඊශ්‍රායල සන්නද්ධ හමුදා පවසා සිටින්නේ.
අද සවස් යාමයේදී ද ඊශ්‍රායල ප්‍රහාර ටෙහෙරානයේ විවිධ ස්ථාන වෙත එල්ල වුණා. ඉරාන ඉස්ලාමීය ජනරජ විකාශන ආයතන පරිශ්‍රයට ද ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල වුණා. එයින් එම ආයතනයේ ගොඩනැගිල්ලකට හානි සිදුව තිබෙනවා.
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 11:38
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:53
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:34
2026 සැප්තැම්බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43