2025 ජූනි 19, පෙ.ව. 12:09
සුමති සම්මාන (2024) සඳහා හොඳම සහාය නලුවා ලෙස ජනප්රිය රංගන ශිල්පි සංගීත් සතරසිංහ නිර්දේශ වී තිබෙනවා.
ඒ, චණ්ඩි කුමාරිහාමි නිර්මාණයේ කපුරුවා ලෙස ඔහු නිරූපණය කළ චරිතය සඳහායි.
එම නිර්දේශවීම පිළිබඳව සංගීත් සිය ෆේස්බුක් ගිණුමට අපූරු සටහනක් එක්කර තිබුණා….
”තල වපුරන්නෝ තල නෙලති”
චරි අයියේ, Charith Abeysinghe
ලෝකෙම ඉන්න උන්, “මේකට ඕකා පොඩි වැඩි, පිස්සුද බන් සීනී බෝල පාටයිනෙහ්” කියද්දී, “ඒකා මගේ එකා, මට ඒකා විස්වාසයි” කියන්න තරම් උඹ හෙන හයිය මිනිහෙක්. අද කපුරුවා කියන චරිතෙ සංගීත් සතරසිංහගෙ උනේ ඔයා හින්දා.
බුවා, Buwaneka Ranawaka
මට මාව අඳුර ගන්න බැරි තරමට මාව වෙනස් කරලා, ගිනි ගනන් වල makeup බඩු ලෝභ නැතුව ඇඟ පුරා උලලා, මට කපුරුවා වෙන්න දෙන්න පුලුවන් උපරිම support එක makeup පැත්තෙන් හදලා දුන්නට පින්. උඹ වැඩ්ඩෙක් එච්චරයි.
මද්දා,
සම්මාන ගන්න ඕන උඹ වගේ උන් බන්, බලපන් උඹ විඳින දුක. ඒ වචන ටික පට්ට ගැම්මක්.
මාදවී අක්කා, මනීශා නගා, මනෝහාරි අක්කා, දනා අයියා, ගම්යා අක්කි, අවන්ති අම්මා, සනත් අයියා ඇතුලු සියලුම රංගන ශිල්පීන්ට මට කපුරුවා වෙන්න උදව් කරාට අනේක වාරයක් ස්තූතියි.
කපුරුවාට වැඩ දාන්න pitch එක හදලා දුන්න ප්රියාල් අයියේ, Script writer කෙනෙක් විදියට ඔයා වැඩ්ඩෙක්.
ජයවීර අයියා , පැතුම් මල්ලී , ප්රදීප් , ගයියා , යසා තවත් බොහොමයක් දෙනාගේ සහයෝගය මේ වැඩේ ලස්සනට එලියට එන්න උදව් උනා.. මේ හැමෝටම ආදරෙයි
මම කපුරුවාට කොච්චර පෙරේතද කිව්වොත්, Australia වේ හම්බඋන job එකත් දාලා ලංකාවට ඇවිත් මේක ඉවර කරලා යන්න තරම් ගටක් මට තිබුනා.
මම ගන්න ඕන තීරණයකට එහෙයි කියන්න, මගේ ආසාවට මුල් තැන දෙන මටම කැපෙන wife කෙනෙක් හම්බ වෙන්න තරම් මම මහා වාසනාවන්ත මිනිහෙක්.
“කැපකිරීමක් කරපු මිනිහෙක්ට කවදාවත් වරදින්නේ නෑ” ඒක කිව්වෙ එයා. මගේ හෙවනැල්ල, මගේ පන, පස්සෙන් ඉදගෙන අමාරු හැම තැනකදිම මාව අල්ලගෙන මගේ සාර්ථකත්වය දකින්න හැම වෙලාවෙම හයිය දුන්න මගේ මැනික. මගේ ආදරනීය බිරිඳ Dinithi Walgamage. ආදරෙයි
මේ සම්මානේ නෙමෙයි මේ සම්මානෙට නිර්දේශ වීමම මේ චරිතයට උන මහන්සියට ලැබුන හොදම අගයකිරීමක්. ස්තූතියි ”
උපුටාගැනීම : Sangeeth Satharasinghe ෆේස්බුක් පිටුවෙන්
2025 ජූනි 19, පෙ.ව. 12:04
2025 ජූනි 18, පෙ.ව. 12:03
2025 ජූනි 18, පෙ.ව. 12:03
2025 ජූනි 17, පෙ.ව. 12:05
2025 ජූනි 17, පෙ.ව. 12:02
19-06-25
19-06-25
19-06-25
19-06-25
18-06-25
18-06-25
18-06-25
18-06-25
18-06-25
18-06-25
18-06-25
18-06-25
18-06-25
18-06-25
17-06-25
17-06-25
17-06-25
17-06-25
17-06-25
17-06-25
17-06-25
17-06-25
17-06-25
17-06-25