2025 ජූනි 21, පෙ.ව. 12:05
පසුගිය වසරේ ලෝක රූ රැජන ක්‍රිස්ටිනා පිස්කෝවා සෙනසුරාදා රාත්‍රියේ සිය කිරුළ පිරිනැමුවේ තායිලන්ත රූමතිය වෙතය. ඇය ලෝක රූ රැජන කිරුළ දිනාගත් ප්‍රථම තායිලන්ත තරුණිය වේ. හයිද්‍රාබාද් හි පැවති අවසන් මහා තරගය ගැන මෙරට වැසියන්ද මහත් උන්නදුවෙන් බලා සිටියේ අපේ තරගකාරිනිය ද දක්ෂයන් අතර ප්‍රමුඛව සිටි නිසාය. නමුත් අනුදි ගුණසේකර අවසන් 40 දෙනාට නොතේරුණ ද ලාංකිකයන්ට වීරවරියකි. රටේ සිත් පහන් කළ බොදු හැදියාව මෙන්ම දේශප්‍රේමීත්වය ප්‍රකට කළ ඇය මෙරට තරුණ පරපුරට ද ආදර්ශයක් ලබාදුන්නා ය. එනිසා අනුදිගේ ගමන ගැන මෙරට කෝටි දෙකක් ජනයා සතුටු වේ.
21 හැවිරිදි ඔපල් සුවතා චුවාංශ්‍රී දුඹුරු ඇස් ඇත්තියකි. ඇය 2024 විශ්ව රූ රැජන තරගයට ද සහභාගිවී තිබිණි. එහිදී තෙවන අනුශූරතාව දිනාගෙන තිබූ නමුත් පසුගිය අප්‍රේල් මාසයේදී, ගිවිසුම කඩකිරීමක් හේතුවෙන් විශ්ව රූ රැජන සංවිධානය ඇගේ ශූරතාව ඉවත් කර ගෙන තිබිණි. නමුත් ඒ වෙනුවට ඇය 2025 ලෝක රූ රැජන ලෙස කිරුළු පැලඳුවාය. මේ වෙනුවෙන් තායි රූමතියට ඩොලර් මිලියනයක් ඇතුළු ත්‍යාග රැසක් හිමිවේ. ඔපල් දැනට තායිලන්තයේ තමසාට් විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හදාරන ශිෂ්‍යාවකි. ඇය තායි, ඉංග්‍රීසි සහ චීන භාෂා චතුර ලෙස කතා කරයි. ඇය සුරතල් පෙම්වතියකි. එනම් ඇයට බළලුන් දහසයක් සහ බල්ලන් පස්දෙනෙක් සිටී. ලෝක රූ රැජනට කරන්නට වැඩ බොහොම තිබෙන බව සුරතලුන් ප්‍රමාණයෙන්ම පැහැදිලිවේ.
රැජනක් වීමට අමතරව ඇය සංගීතයට නැඹුරු වී සිටින අතර හොඳ වාදන ශිල්පිනියකි.
වයස අවුරුදු 16 දී ඔපල්ට පියයුරු පිළිකාවක් ඇති බව හඳුනාගන්නා ලද අතර පිළිකාව ඉවත් කිරීම සඳහා ශල්‍යකර්මයකට භාජනය විය. මෙම අත්දැකීම තුළින් තායි රූ රැජන පියයුරු සෞඛ්‍යය සහ කල්තියා හඳුනාගැනීම පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම සඳහා ‘ඔපල් ෆෝ හේර්’ ව්‍යාපාරය දියත් කළාය. මේ ව්‍යාපාරය ගෙනගිය වැඩපිළිවෙළ ඇගේ ජයග්‍රහණයට ද විශේෂ හේතුවක් වූ බව සටහන් කළ හැකිය.
72 වන ලෝක රූ රැජන තරගය සඳහා තරගකාරිනියෝ 108 දෙනෙක් සහභාගි වූහ. ඉන්දියාවේ මේ තරගය පැවති තුන්වැනි වතාව මෙය විය. අවසන් තරගයේදී දෙවැනි තැන ඉතියෝපියාවේ තරගකාරියට හිමිවූ අතර තුන්වැනි තැන පෝලන්ත රූමතියට හිමිවිය. ඉන්දියානුවන් බොහෝ දෙනකු තම රටේ තරගකාරිය වූ නන්දනී ගුප්තා ගැන බලාපොරොත්තු තබාගෙන සිටියද ඇයට අවසන් අට දෙනාට තේරීමට හෝ නොහැකි විය.
ලෝක රූ රැජන, ලෝක විවාහක රූ රැජන, විශ්ව රූ රැජන සහ මිහිකත රූ රැජන වැනි රූ රැජන තරගාවලි ගණනාවක් වසරකට පැවැත්වේ. රූ රැජන තරගාවලි ලෝකයේ මෙන් ම ශ්‍රී ලංකාවේ ද කලින් කලට ප්‍රවෘත්ති මවන තරගාවලි වේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කළ අනුදි ගුණසේකර පසුගිය වසරේ පැවති Miss Sri Lanka තරගාවලියෙන් ජයග්‍රහණය කළ අතර ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධිධාරිනියක් වේ. එම තරගාවලියට ඉදිරිපත් වීමේදී තරගකාරියන් විසින් සමාජ සේවා ව්‍යාපෘතියක් සිදු කළ යුතු අතර අනුදිගේ ‘සහේ’ ව්‍යාපෘතියෙන් ආමන්ත්‍රණය කරන්නේ ඔසප් දරිද්‍රතාවය විය. ඇය සම්බන්ධයෙන් Miss World යූටියුබ් නාළිකාවේ පළ කර ඇති වීඩියෝවට බොහෝදෙනකු ප්‍රතිචාර දක්වා තිබූ අතර, එය ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හොඳින් පෙන්වන එකක් බව බොහෝ දෙනකුගේ අදහස විය.
සිරිමල් කළුවරගෙදර
2025 ජූනි 21, පෙ.ව. 12:09
2025 ජූනි 21, පෙ.ව. 12:04
2025 ජූනි 20, ප.ව. 5:26
2025 ජූනි 20, පෙ.ව. 12:09
2025 ජූනි 20, පෙ.ව. 12:05
21-06-25
21-06-25
21-06-25
21-06-25
21-06-25
21-06-25
21-06-25
21-06-25
21-06-25
21-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
19-06-25
19-06-25