2025 ජූනි 22, පෙ.ව. 8:46
ඉරානයේ ෆෝර්දෝ, නටාන්ස් සහ ඉස්ෆහාන් න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනට පහර දුන් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද නිවේදනය කළා.
ට්‍රම්ප් කියා සිටින්නේ ඇමරිකානු ප්‍රහාරවලින් එම ස්ථාන විනාශ වූ බවයි.
එමෙන්ම ඉරානය දැන් සාමය කරා එළඹිය යුතු බවත් එසේ නැතහොත් ඇමරිකාව ඉරානයට එරෙහිව නැවතත් පහර දෙන බවත් ට්‍රම්ප් කියා සිටිනවා.
නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළ පරිදි ඇමරිකානු ප්‍රහාර එල්ල වී ඇත්තේ ලංකාවේ වෙලාවෙන් උදෑසන 4.30 ට පමණයි.
මෙම ප්‍රහාරවලින් න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට කොතෙක් හානි සිදුව ඇතිදැයි පහැදිලි නැහැ.
මාධ්‍ය වාර්තා පවසන පරිදි ෆෝර්දෝ මධ්‍යස්ථානයට පහරදීම සඳහා GBU-57 බන්කර් බස්ටර් බෝම්බ හයක් යොදාගෙන තිබෙනවා.
ඉරාන මාධ්‍ය චෝදනා කරන්නේ ඇමරිකානු ප්‍රහාරය කලාපයේ ඊශ්‍රායල හෙජමොනිය පවත්වාගැනීම සහ කලාපය අස්ථාවර කිරීම අරමුණු කරගෙන සිදුවූවක් බවයි.
2026 ජනවාරි 28, ප.ව. 7:15
2026 ජනවාරි 28, ප.ව. 1:39
2026 ජනවාරි 21, පෙ.ව. 9:16
2026 ජනවාරි 20, ප.ව. 8:39
2026 ජනවාරි 18, ප.ව. 11:55